Your cart is empty now.
ඔබ වෙනුවෙන් සටන් වැදි ඔබ ගේ පියවරුන් සහ සොහොයුරන් වැගිරූ රුධිර ගංගා සිහිපත් කරන්න!
-ඒවාට ආදරය කරන්න! නුඹ උපන් මාතෘ භූමියට -
ඇය ගේ සෑම තණ පතකට ම ආදරය කරන්න!
සියලු දේ වටහා ගන්න... සියලු අමිල දේ වටහා ගන්න...
ලොකු කුඩා සෑම දේ... ඔබේ වැඩිමහලු සොහොයුරන් ගේ, ශ්රමය වගුරා වෙහෙසවන මව්පියන් ගේ ඔවදන් පිළිපදින්න.
ඔබ භාවිත කරන හැම වස්තුවකට ම ගරු කරන්න.
විශේෂයෙන් ම ඒවා නිපද වූ මිනිසුන්ට ගරු කරන්න!
සියල්ලට ම ආදරය කරන්න! ඒ විසල් සුන්දර වදන 'මව්බිම' තමාටත් වඩා මුළු හදින් ඇයට ආදරය කරන්න! ඇය ගේ කීර්තිය උදෙසා අනලස් ව ඉගෙන ගන්න. වැඩ කරන්න. මන්දයත්, ඇය ගේ කීර්තිය - නුඹගේ ද කීර්තිය වන බැවිනි!