Rs 350.00
3 installments of Rs 116.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Sarasavi
Type: Short Stories

අවසානයේ, අව් වැසි, මැසි මදුරු කරදර නොතකමින් වසර ගණනාවක් තිස්සේ තොරණ මත්තේ හිඳිමින් කර ගත්තා වූ උතුම් පුණ්ය කර්මය ද, පන්සිල් අටසිල් සමාදන් වීම ආදී පුණ්ය කර්මයන් රාශියක් ද හේතු කොටගෙන විමලසිරි හාමුදුරුවන් නිතර දෙවේලේ වදාරන්නා වූ දිව්ය ලෝකයේම ඉපදෙන්නෙමැයි...

  • Name : Makara Thorana - මකර තොරණ
  • Vendor : Sarasavi
  • Type : Short Stories
  • Manufacturing : 2026 / 03 / 24

Guaranteed safe checkout

Makara Thorana - මකර තොරණ
- +

අවසානයේ, අව් වැසි, මැසි මදුරු කරදර නොතකමින් වසර ගණනාවක් තිස්සේ තොරණ මත්තේ හිඳිමින් කර ගත්තා වූ උතුම් පුණ්ය කර්මය ද, පන්සිල් අටසිල් සමාදන් වීම ආදී පුණ්ය කර්මයන් රාශියක් ද හේතු කොටගෙන විමලසිරි හාමුදුරුවන් නිතර දෙවේලේ වදාරන්නා වූ දිව්ය ලෝකයේම ඉපදෙන්නෙමැයි එක හිත් හිතාගෙන මකරා මිය ගියේය.

ජින්තු මුදලාලි කුඩා කැබලි වලට කැඩූ පාන් ගෙඩියක් මාළුන්ට වීසි කරමින් සිටියේය. සංසාරේ කිසියම් ඉරණම්කාරී සන්ධිස්ථානයකදී ඔහුට ම කරා හමු උනේය. ඌ මිතුරෙක් උනේය. ඌ නිසා හිත රිදුණේය. ඌ කෙරෙහි කෝපය ඉපදුනේය. අනතුරුව එය දයාවකට හැරුණේය. අද ඌ නික්ම ගොස්ය. මතු දිනක තමා මියෙන්නේ යම් සේද, එසේම මකරා ද මිය ගොස් ඇත්තේය. නැවත හමුවීමක් නැත්තේය. අතේ තිබුණු ඉතිරි පාන් කැබලි කීපයත් මාළුන්ට විසි කළ ඔහු, හිඳ සිටි පස් කණ්ඩියෙන් නැගී සිටියේය. සැහැල්ලුවෙන් ඇඳිවත් වූ රොඩු බොඩු පිසදා හැරියේය.

විමලසිරි හාමුදුරුවෝ තම කරපිටු පැටවුණු අලුත්ම වගකීම වූ මකරාගේ අවමංගල්ය උත්සවය සංවිධානය කරන ආකාරය ගැන නොයෙක් වීදියෙන් හිතා බලමින් දායක සභාව රැස් වන තෙක් ආවාසගෙයි ආලින්දයෙහි වැඩ හිඳින්නෝය. එතැන හිඳ එළිය බලන උන්වහන්සේට තොරණ මත්තේ හිඳින ගැබ්බර මකරියගේ විඩාබර මුහුණ පෙනෙන්නේය. ඉදින් තව කපක් කලකට ලයිට් යන පාටක් නැත්තේය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid