Rs 980.00
3 installments of Rs 326.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana
Type: Other
Availability: 100 left in stock

සම්භාව්ය සමාජ විද්යාඥයෙකු වන මැක්ස් වෙබර් 1880 දශකයේ සිට 1920 දක්වා පුරා දශක තුනක පමණ කාලයක් තුළ රචිත ලිපි, දේශන හා ග්රන්ථ මගින් ඔහු සමාජ විද්යාවේ ප්රවර්ධනයට කළ අනභිභවනීය දායකත්වය සුවිශේෂය. මෙම කෘතිය මැක්ස් වෙබර්ගේ දාර්ශනික සහ සමාජ විද්යාත්මක චින්තනය...

  • Name : Max Weber Samaja Vidyathma Vimarshanayak - මැක්ස් වෙබර් සමාජ විද්‍යාත්මක විමර්ශනයක්
  • Vendor : Vidarshana
  • Type : Other
  • Manufacturing : 2026 / 01 / 29
Categories:

Guaranteed safe checkout

Max Weber Samaja Vidyathma Vimarshanayak - මැක්ස් වෙබර් සමාජ විද්‍යාත්මක විමර්ශනයක්
- +

සම්භාව්ය සමාජ විද්යාඥයෙකු වන මැක්ස් වෙබර් 1880 දශකයේ සිට 1920 දක්වා පුරා දශක තුනක පමණ කාලයක් තුළ රචිත ලිපි, දේශන හා ග්රන්ථ මගින් ඔහු සමාජ විද්යාවේ ප්රවර්ධනයට කළ අනභිභවනීය දායකත්වය සුවිශේෂය. මෙම කෘතිය මැක්ස් වෙබර්ගේ දාර්ශනික සහ සමාජ විද්යාත්මක චින්තනය පිළිබද පුළුල් ගවේෂණයක් ඉදිරිපත් කරන්නකි. තවද මෙමගින් නූතන සමාජය පිළිබඳ ඔහුගේ අවබෝධය හැඩගස්වා ගත් සෑම ප්රධාන දෘෂ්ටිකෝණයක්ම පාහේ පරීක්ෂාවට භාජන කර ඇත. සමකාලීනව නූතනත්වය කරා විකාශනය වෙමින් පැවති සමාජ ඇසුරින් ඔහු විසින් සිදු කරන ලද විග්රහ පුළුල් පරාසයක සමාජ ප්රපංච, සංසිද්ධි සහ ආයතනික ව්යුහ ආශ්රයෙන් ගොඩනැගුණකි. මෙහිදී ආර්ථිකය, සමාජ ස්තරායනය, රාජ්ය තන්ත්රය, අධිකාරි බලය, දේශපාලනය, ආගම, විද්යාව, ආචාරධර්ම, සදාචාරය, අගනාකම්, තාර්කිකත්වය, නීතිය, සමාජ ක්රියාව ආදිය දැඩි පරීක්ෂාවට ලක් විය.

වෙබර්ගේ ප්රධාන සංකල්ප සමග ගැඹුරින් සම්බන්ධ වීමෙන් මෙම කෘතිය වෙබර් නූතනත්වයේ චින්තකයෙකු ලෙස ඉදිරිපත් කර තිබේ. ඔහුගේ තීක්ෂණ බුද්ධිය සමකාලීන සමාජ යථාර්ථය ආලෝකවත් කර ඇත. 21 වන සියවසේ විවිධ සමාජවල කැපී පෙනෙන සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික සහ විද්යාත්මක සංසිද්ධි ගවේෂණය කිරීම සඳහා අනුගමනය කළ යුතු මාර්ග මෙම කෘතියෙන් ඉදිරිපත් කර තිබීම අගය කළ යුතු කරුණකි. එමෙන්ම අදහස්, ආයතන සහ මානව ක්රියා සංකීර්ණ ලෙස සම්බන්ධ වී ඇති නූතන සමාජය තේරුම් ගැනීමට දායක වන වෙබර්ගේ දැක්ම හෙළි කරන මෙම කෘතිය මගින් ඒ සඳහා මහඟු ආලෝකයක් ලබාගත හැකි වේ.

~ සම්මානිත මහාචාර්ය සිරි හෙට්ටිගේ

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid