Rs 1,200.00
3 installments of Rs 400.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Fast Publishing - Surasa
Type: Translations
Availability: 3 left in stock

මානව ශිෂ්ටාචාරයේ මුල් බිමක් වූ මෙසපොටේමියාව, විවිධ වූ සංස්කෘතික ලක්ෂණයන්ගෙන් ඔපවත් වෙමින්, විශිෂ්ට වූ මානව ප්රවාහයක් ලොවට තිළිණ කළේය. එවන් වටිනාකමකින් යුතු වූ මේ භූමිය, අයත් වූයේ ඔටෝමාන් මහා අධිරාජ්යයටයි.

ඔටෝමාන් අධිරාජ්යය බිඳ වැටීමෙන් පසු මෙසපොටේමියාව, "ඉරාකය" නමින් හැඳින්වීමට වූයේය....

Categories:

Guaranteed safe checkout

Mayada - මයාඩා
- +

මානව ශිෂ්ටාචාරයේ මුල් බිමක් වූ මෙසපොටේමියාව, විවිධ වූ සංස්කෘතික ලක්ෂණයන්ගෙන් ඔපවත් වෙමින්, විශිෂ්ට වූ මානව ප්රවාහයක් ලොවට තිළිණ කළේය. එවන් වටිනාකමකින් යුතු වූ මේ භූමිය, අයත් වූයේ ඔටෝමාන් මහා අධිරාජ්යයටයි.

ඔටෝමාන් අධිරාජ්යය බිඳ වැටීමෙන් පසු මෙසපොටේමියාව, "ඉරාකය" නමින් හැඳින්වීමට වූයේය. අනතුරුව විවිධ දේශපාලන කුමන්ත්රණ වලට මුහුණ දුන් ඉරාකය, 1979 දී සදාම් හුසේන් යටතට පත්වෙයි. බලයට පත් වූ මුල් වකවානුවේ ඔහු ජනතා හිතවාදීව කටයුතු කළද, වැඩි කලක් යාමට පෙර සිය ඒකාධිපති පොලිස්, හමුද්රා රාජ්යය ගොඩ නැංවීමට කටයුතු කළේය.

ඒ මඟෙහි ඔහුට එරෙහි වුවන්ට හිමිවූයේ මරණයයි. ඔහුට විරුද්ධ වී යැයි, ඉතා සුළු හෝ සැකයක් යමෙකු කෙරෙහි ඇතිවූයේ නම් ඔහුට හෝ ඇයට සිදු වූයේ, සදාම්ගේ සිපිරිගෙවල්වල පිහිටි වධකාගාර වලදී අප්රමාණ වධ බන්ධන වලට ලක් වීමටයි.

එහිදී ඒ තැනැත්තා තමන්ට ඉතා සමීපව සිටියෙක් වුවද, වධ බන්ධන වලින් ගැලවීමට ඔවුන්ට නොහැකි විය.

මේ සත්ය කතාව, කලක් සදාම්ගෙන් සම්මාන පවා ලබා, ඔහුගේ හිත දිනා සිටි, ඉරාකයේ සම්භාවනීය පවුලකට අයත් වන, මයාඩා අල් අස්කාරී නම් මාධ්යවේදිනිය, සදාම්ගේ වධකාගාරයක ගත කළ ශෝචනීය කාල පරිච්ඡේදය පිළිබඳවයි. එහිදී ඇයට හා ඇගේ සිර මැදිරියේ සිටි අනෙකුත් සිරකාරියන්ට, නොකළ වරදවල් සඳහා විඳින්නට සිදු වූ අනේක වධ බන්ධන හා ඔවුන්ගේ අහිංසක පසුබිම් කතාන්දරය මෙයින් කියවෙයි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid