Your cart is empty now.
ඈට හන්දියේ රැජින මතක් වෙන්න ඇති. ඇගේ අම්මත් ඒ වගේ ගිනි කූටක අවිවේ. සීත කාළේ වැස්සේ හිටගෙන ඉඳීවි ද කියලා හිතෙන්න ඇති. ඇගේ බාල මල්ලියි නංගියි බලා ගන්නෙ කවුද. තාත්තට වෙලාවට ප්රෙෂර් පෙති බොන්න මතක් කරන්නෙ කවුද?
එතකොට ඈට ඒක ඇහුණා. අකුණක බලය කැටිවුණු ඇඟිලි පහේ කම්මුල් පාරක්. ජෙල් කොණ්ඩකාරයා බෙරිහන් දුන්නා. උගේ කම්මුල රතුවෙලා. ඉස්සරහ වීදුරුවට කාර් එකේ වයිපර්වලින් කසපාර වැදුණා. වහල යෝධ අතක හැඩේට එබිලා ගියා. ඩ්රයිවර් ඇක්සලේටරේ පෑගුවට කාර් එක බිංදුවක්වත් ඉස්සරහට ගියේ නෑ; වාහනේ මඩේ එරුණා වගේ රෝද කැරකුණා එකතැන.
මිනිස්සුන්ට දිගටම ගුටි බැට වැදුණා. නොපෙනෙන ඇඟිලි වලින් උන්ගේ උගුරු දඬු හිරවුණා. කටවල් වලින් ලේ පැන්නා. කදුළුයි හොටුයි මූණ දිගේ බේරෙන්න ගත්තා.
සමාවෙන්න, උන් කෙල්ලට කෑගහන්න ගත්තා. මේක නවත්තන්න. අනේ අපට සමාවෙන්න.