Your cart is empty now.
දහහත්වැනි සියවස මැද භාගයේ, නෙදර්ලන්තයේ සිතුවම් කලාවේ ස්වර්ණමය යුගයේ විසූ ලෝක ප්රසිද්ධ චිත්ර ශිල්පී යොහැන්නස් වර්මීර්ගේ (1632 ඔක්තෝමබර් 31 - 1675 දෙසැම්බර් 15) චරිතය ඇසුරු කර ගනිමින් ලියැවුණු අතිශය මනරම් වූත්, ගුප්ත වූත්, විටෙක දරා ගත නොහැකි තරම් අනුවේදනීය වූත් ඓතිහාසික වටිනාකමකින් යුතු ප්රබන්ධ කතාවකි. වර්මීර් විසින් නිර්මාණය කරන ලද මහාඟු සිතුවම් අතර ඇති මුතු කරාබුවක් පැලඳ සිටින යුවතියගේ සිතුවම මේ නවකතාවට පාදක වෙයි. සිය පියාගේ දෑස් අන්ධ වීමෙන් පසු ඔවුන්ගේ පවුලට තිබූ එකම ආදායම් මාර්ගය අහිමි වීම නිසා දහසය හැවිරිදි ග්රීටිට, වර්මීර්ගේ නිවෙසේ සේවයට යන්නට සිදු වෙයි. කලාත්මක දෑසක් හිමි ග්රීට් අහම්බයෙන් ඔහුගේ අත් උදව්කාරිය බවට පත් වන අතර, ඇය වර්ණ සහ ආලෝකය පිරුණු වර්මීර්ගේ ලෝකයට වඩාත් සමීප වෙයි. ටී. ෂෙවලියර් විසින් ලියන ලද, අතිශයින් ජනප්රියත්වයට පත් මේ නවකතාව ඇසුරින් 2004 වර්ෂයේ දී එම නමින්ම නිර්මාණය වූ චිත්රපටය ද ඉමහත් පාඨක විචාරක සම්මානයට පාත්ර විය.