Your cart is empty now.
ප්රබන්ධකරණය නම් ගැඹුරුතර ක්රියාවලිය, නිරායාසකර ලීලාවෙන්, මා බ්රහ්මචර්යාවෙහි රඳවයි. ජීවිතයේ කේන්ද්රීය ධාරණාව ලෛංගික සන්තෘප්තිය නොහොත් හැමිණිල්ල යැයි සිතා සිටින ජීවන අවධිය අවසන් වන්නේ මෙකී ආශාව කෙළවර වීමෙන් නොවේ. ඒ වනාහි ජමෙට සන්තෘප්ත නොවන සංවේදනාවක් ලෙස අවබෝධප්රාප්ත වීමෙනි. අප මේ පසු කරමින් සිටින්නේ ලෛංගික සබඳකම් කියා දෙයක් අතිනිශ්චය නොවන, ආශාව මිය යමින්, වේදනාව ම ලඟ දෙන අවධිය යි. භෞතික අභිමුඛවීම් මහා ප්රාතිහාර්යයන් නොවන බැවින් මා සිතන්නේ මගේ ජීවිතයේ සමකාලීන මොහොත, කවරාකාර හෝ ස්ත්රී මායාවකින් දෙදරා නොයන බව යි. ඉතින් මා ස්ථිර වශයෙන් ම මේ කරමින් සිටින්නේ ජීවන වාර්තාකරණයකැයි විශ්වාස ගන්නට සභාඳ ඔබට බාධාවක් නැති. සිද්ධ වෙමින් පවතින්නේ මා ද ඇතුළත් අධි නිවුනතාවකින් තොර සංසිද්ධි සමුච්චයකි