Your cart is empty now.
මෙම නවකතාව සඳහා බුදුන් වහන්සේටත් වෙදකම් කළ ජීවතකෝමාරභච්ච වෙදැදුරුතුමා ප්රස්තුන කරගත්තේ වම් චර්තය තුළින් විද්යමාන වන ආයුර්වේද වෙදකමේ මුශ්රිත සිද්ධාන්ත වර්තමානයට ගැළපීමට ඇති උවර්ෂනාවත්, ඔහු නිසා ආයුර්වේද වෛද්ය ක්රමයට ලසබන පූජනීය බවත් නිසාය. මහා ඉතිහාසයක් ඇති ඇයුර්වේදය තුළ ජීවක යනු යුග ගණනාවක් එකට යා කරන සමත් පුරුකක් යැයි මට සිතේ.
සියවස් ගණනාවක් ගෙවී ගිය ද ජීවකගේ නම් අද ද අප සිහිපත් කරනුයේ ආශ්චර්යවත් මිනිසෙකු ලෙස ය. කටු චිකිත්සාව වැනි එකල ඉන්දියානුවන් නොදැන සිටි ප්රතිකාර ක්රම, වර්තමානයේ දී සලකනුයේ මෙම ශ්රේෂ්ඨ වෛද්යවරයාගේ සොයා ගැනීමක් ලෙසිනි. තායිලන්තයේ සම්බාහන චිකිත්සකයෝ පිවක කෝමාර භච්චයින් තායි සම්බාහනයේ පියා ලෙස සලකති. චීන ජාතිකයන් ඔහුව සල්කනු ලබන්නේ සියලු පුරාණ වෛද්යවරුන් අතරින් ශ්රේෂ්ඨතමයා ලෙස ය. සංස්කෘත සහ බෙට් අනුවාදය හට අනුව, ජීවක විසින් සිදු කළ වෛද්ය ප්රාතිහාර්යයන් හේතුවෙන් ඔහුව" වෛද්ය රජු ලෙස තුන් වතාවක් වටකට රාජසභාව විසින් පිළිගෙන නම් කර තිබේ. එ බැවින්, " තෙවරක් ඔටුනු පැළදි වෛද්යවරයා ලෙස ද ඔහුව හැඳින් වේ.
ජීවක දිවි පෙවත තුළ අති දක්ෂ වෙදැදුරෙක් මෙන්ම දැහැමි බොදු උපාසකයෙක් ද සිටී. වෙදැදුරු තුළ සැඟවුණු ආධ්යාත්මික ශක්තිය එම උපාසකයා වීම අවිවාදිත ය. භාග්යවතුන් වහන්සේටත් වෙදකම් කිරීම එක පසෙකි. නිරෝගීකම උදෙසා ශාසනයට උචිත ඇවතුම් පැවතුම් නිර්දේශ කිරීමට තරම් භාග්යවතුන් වහන්සේට සමීප උපාසකයෙක් වීම තවත් පසෙකි. තම භව දුක් නිරෝධය සඳහා ආර්යගාමී වීම මේ සියල්ලටම වඩා උතුම් ගුණයකි.