Your cart is empty now.
මොස් කව් නුවර විද්‍යා ඇකඩමියේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු වල යෙදෙමින් සිටි අවදියේ, සිසිර කුමාර බණ්ඩාරගම තම පර්යේෂණ විෂය ධාරාවට අමතරව රුසියානු සාහිත්‍යය, සංගීතය, වේදිකා නාට්‍යය හා සිනමාව කෙරේ දැක් වූ රුචිකත්වය නිසාම ඒවා හැදෑරීමට කාලය හා ශ්‍රමය මිඩංගු කලේය.
සිසිර ගේ මේ පරිවර්තන කෘතීන්, එසේ එදා රුසියානු කලා නිර්මාණ හා සාහිත්‍යය පිලිබඳ ඔහු එක්රැස් කල දෑ පසු කලෙක ඔහු විසින් ලාංකික සහෘදයන් සමග හෙළ බසින් බෙදා ගැනීමට කරන උත්සාහයක් යැයි කිව හැක.
එඩ්වර්ඩ් රද්සින්කි විසින් රචනා කර මොස්කව් නුවර මයාකෝව්ස්කි නාට්‍යය ශාලාවේ රඟ දක්වන Conversations with Socrates නම් සුප්‍රකට වේදිකා නාටකය, සිසිර විසින් 'සොක්රටීස් සමග සංවාදයක්' යන නමින් සිංහලට පරිවර්තනය කෙරේනි. මෙය ලාංකේය නාට්‍යය රසියන් හමුවට නුදුරු අනාගතයේ ගෙන ඒමට දැන් කටයුතු සැකෙසෙමින් පවතී. එසේම සිසිර විසින් හෙළ සිනමා රසිකයන් වෙත ගෙන ආ 'අන්ද්රීයි තර්කෝව්ස්කි සිනමා දේශණ ' නම් වූ පරිවර්තන කෘතිය, බොහෝ අයගේ පැසසුමට පාත්‍ර වී ඇත.