Rs 200.00
3 installments of Rs 66.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Sooriya Publishers
Type: Other
Availability: 4 left in stock

ගාමිණී කන්දේපොළගේ 'පුරාණ වී ගොවිතැන' නම් මෙම ග්රන්ථය මෙරට පැරැණි ගොවීන්ගේ සාම්ප්රදායික ඥානය, චාරිත්ර වාරිත්ර, ඇදහිලි සහ විශ්වාස ආදිය පදනම් කොටගෙන සම්පාදනය වූවකි. වී ගොවිතැන පිළිබඳව කතුවරයාගේ දැනුම පමණක් නොව පැරැණි ගොවීන් සමඟ වෙසෙමින් ඔවුන්ගේ සාම්ප්රදායික කෘෂිකාර්මික ජීවන රටාව අත්...

  • Name : Purana Vee Gowithena - පුරාණ වී ගොවිතැන
  • Vendor : Sooriya Publishers
  • Type : Other
  • Manufacturing : 2026 / 06 / 20
Categories:

Guaranteed safe checkout

Purana Vee Gowithena - පුරාණ වී ගොවිතැන
- +

ගාමිණී කන්දේපොළගේ 'පුරාණ වී ගොවිතැන' නම් මෙම ග්රන්ථය මෙරට පැරැණි ගොවීන්ගේ සාම්ප්රදායික ඥානය, චාරිත්ර වාරිත්ර, ඇදහිලි සහ විශ්වාස ආදිය පදනම් කොටගෙන සම්පාදනය වූවකි. වී ගොවිතැන පිළිබඳව කතුවරයාගේ දැනුම පමණක් නොව පැරැණි ගොවීන් සමඟ වෙසෙමින් ඔවුන්ගේ සාම්ප්රදායික කෘෂිකාර්මික ජීවන රටාව අත් විඳිමින් සහ ඔවුන්ගේ නිපුණතා ද නිරීක්ෂණයෙන් යුතුව කෘතියට පදනම් කොට ගැනීම මෙම කෘතියේ ඇති විශේෂත්වයයි. මෙයට ප්රථම ගාමිණී ඔහුගේ ජනශ්රැති පර්යේෂණ කෘති රාශියකට පාදක කර ගත් හිරියාල හත්පත්තුව සහ තදාසන්න ප්රදේශය මෙම ග්රන්ථයේද පර්යේෂණ භූමිය වී ඇත.

ගොවීන් වගා කන්නයට පෙර සූදානම් වීමේ තැන් පටන් අස්වනු නෙළා ගම්බාර දෙවියන්ට පුද පූජා පවත්වමින් බාර හාර ඔප්පු කිරීම දක්වා වී ගොවිතැන සම්බන්ධ බොහෝ කරුණු කාරණා ගාමිණීගේ 'පුරාණ වී ගොවිතැන' කෘතියෙහි විස්තර වෙයි. විශේෂයෙන්ම පැරැණි වී ගොවිතැනේදී භාවිත කෙරෙන ඊට ආවේණික භාෂාව මේ කෘතියේදීද සුමටව යොදා තිබීම වැදගත්ය. ගොවි බස, එහි සිරිත් විරිත්, ක්රියාකාරීත්වය පිළිබඳ අධ්යයනය කරන විද්යාර්ථීන්, සමාජ ගවේෂකයන් ඇතුළු මෙම ක්ෂේත්රය ගැන උද්යෝගිව, උනන්දුවෙන් කටයුතු කරන සැමටම ප්රයෝජනවත් කෘතියකි. 

ශාස්ත්රවේදී උපාධිධරයකු වන ගාමිණී කන්දේපොළ ජනශ්රැති පර්යේෂණ කෘතිවලට අමතරව වැහි බිත්තර, ඉර වර වර, දෙගොඩවාරම වැනි නවකතා සේම සැළමුතු පෙම වැනි කෙටිකතා සංග්රහ ද පාඨක ලෝකයට දෙමින් සාහිත්ය ලෝකයේ ඉදිරිපියවර තබන නිර්මාණශීලි මාධ්යවේදියෙකි. ගවේෂණාත්මක ලේඛකයෙකි. 

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid