Your cart is empty now.
ඔහුගේ පරම්පරාවේ ශ්‍රේෂ්ඨතම නාට්‍යකරුවා යැයි වරක් නිව්යෝරික් සඟරාව විසින් හඳුන්වන ලද සෑම් ෂෙපර්ඩ්ගේ නාට්‍යයක් සිංහලට නැගෙන පළමු අවස්ථාව මෙයයි. නිව්යෝර්ක් නගරයේ නාට්‍ය විචාරකයන්ගේ කවය විසින් වසරේ හොදම නාට්‍යය සේ නම් කරන ලද 'රතු වෙළඹ' නාට්‍යයෙහි දෙබස්, චරිත නිරූපණය හා එහි එන පුරාණෝක්තිමය මානය සලකා 'නිස්වීක්' සඟරාවේ විචාරක ජැක් ක්‍රොල් වරක් මෙසේ කීය: ෂෙපර්ඩ් යනු අපේ වේදිකාවේ මහා කවියෙකි.
මේ නාට්‍යය නිෂ්පාදනය වී බොහෝ කාලයකට පසුත් එහි එන චරිත නිරූපණය සඳහා අවස්ථාවක් ලබා ගැනීමට ප්‍රකට නළු නිළියෝ පවා ආසාවෙන් පසුවෙති. ෂෙපර්ඩ් වේදිකාව මත ගොඩනගන චරිතශ්රේෂ්ඨ නවකතාවක එන චරිත සේ රසිකයාට පෙනෙන බැවිනි.