Rs 1,500.00
3 installments of Rs 500.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Academics

පද්යකරණයේ දී ආකෘතික රම්යත්වය දියුණු කර ගැනීම සඳහා අනුශාසනා සපයත එලු සඳස් ලකුණ ඇතුළු කෘති කිහිපයක් සිංහල සාහිත්ය ඉතිහාසයේ හමු වේ. මේ මූලික ග්රන්ථ පාදක කර ගනිමින් සෙසු ශාස්ත්රීය ලිපි රාශියක් ද ප්රකාශිතය. පද්යකරණයේ දී එහි ශාස්ත්රීය බව තීව්ර වන්නේ...

Guaranteed safe checkout

Sandas Kedapatha - සඳස් කැඩපත
- +

පද්යකරණයේ දී ආකෘතික රම්යත්වය දියුණු කර ගැනීම සඳහා අනුශාසනා සපයත එලු සඳස් ලකුණ ඇතුළු කෘති කිහිපයක් සිංහල සාහිත්ය ඉතිහාසයේ හමු වේ. මේ මූලික ග්රන්ථ පාදක කර ගනිමින් සෙසු ශාස්ත්රීය ලිපි රාශියක් ද ප්රකාශිතය. පද්යකරණයේ දී එහි ශාස්ත්රීය බව තීව්ර වන්නේ සාම්ප්රදායික ඥානය ප්රගුණ කිරීමෙනි. ඡන්දස් හා වෘත්ත භාවිතයේ ඇති තර්කානුකූල පසුබිම මේ කෘතියෙහි ශාස්ත්රීය විග්රහයකට ලක් කෙරේ. එහි මූළික සංකල්ප පිළිබඳ අර්ථාන්විත ව කෙරෙන විග්රහය ප්රශස්ත ය. ඡන්දස් ශාස්ත්රයේ භාවිත වන ඡන්දසික ලක්ෂණ, භාෂාත්රයෙන් ලියැවුණු ඡන්දස් කෘතිවල විවිධතා සමග තුලනය කරමින්, ඒ පිළිබඳව ඉදිරිපත් වූ මතවාද එකිනෙක සංසන්දනය කරමින්, න්යායාත්මක ව විග්රහ කොට තිබීම විද්යාර්ථින්ට මෙන් ම පර්යේෂකයන්ට ද අත්වැලකි. සිංහල ඡන්දස් ශාස්ත්රය විමර්ශනය කිරීමේ දී අනුරාධපුර යුගයේ පටන් සම්පාතීතය දක්වා ලියැවුණු දුර්ලභ ප්රාමාණික මුලාශ්රය රැසක් යොදා ගෙන ඇත. කතුවරයාගේ අවසන් තර්කය වනුයේ ඡන්දස හා වෘත්තය යනු පද්යයේ මූලිකාංග බවත්, එය අර්ථාන්විත ව යොද ගැනීමෙන් පද්යයෙහි විශිෂ්ටත්වය මතු කර ගත හැකි බවත් ය.

 

තරුණ කාලයේ දී ම ශාස්ත්රීය ලිපි හා පර්යේෂණ පත්රිකා රාශියක් ප්රකාශයට පත් කර ඇති කතු හිමි නූතන පද්ය නිර්මාණයෙහි ලා ද විශිෂ්ට කුසලතා දක්වයි. ශ්රී ලංකා රජරට විශ්ව විද්යාලයේ භාෂා අධ්යයනාංශයේ සහාකාර කථිකාචාර්යවරයකු ලෙස වර්තමානයේ සේවය කරන කිඹියේ අනුරුද්ධසිරි හිම්ගේ අභිනව ශාස්ත්රීය සම්ප්රදානය වන 'සඳස් කැඩපත' කෘතිය ශාස්ත්ර වන්තයන්ගේ අභිවාදනයට ලක් විය යුත්තකි.

මහාචාර්ය පූජ්ය ඔලගන්වත්තේ චන්දසිරි හිමි, 
අංශාධිපති, භාෂා අධ්යයනාංශය, 
ශ්රී ලංකා රජරට විශ්ව විද්යාලය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid