Your cart is empty now.
ආශ්වාස කරමි, සිරුර සංසුන් කරමි, ප්රශ්වාස කරමි, මම සිනාසෙමි, මෙම මොහොතේ සිටිමින් මෙය අසිරීමත් මොහොතක් බව දනිමි
'ආශ්වාස කරමි, සිරුර සංසුන් කරමි. මෙම ගාථා පදය කීම උණුසුම් දවසක සිහිල් දොඩම් වීදුරුවක් පානය කරන කල් හි දැනෙන සිහිල හා සමාන සිහිලක්, නැවුම්කමක්, ඔබේ සිරුර තුළ විනිවිද යන ආකාරය ඔබට දැනෙන්නට පටන් ගන්නේය. ආශ්වාස කරමින් මෙම ගාථා පදය කියවන කල, සැබවින් ම ආශ්වාසය මගින් මගේ සිරුර සැහැල්ලු කරන ආකාරය, මනස සංහිඳියාව කරා ගෙන යන ආකාරය මම අද්දකින්නෙමි.
'ප්රශ්වාස කරමි, මම සිනාසෙමි.'
සිනාවක් ඇති කරන බලපෑම කොපමණ දැයි ඔබ දන්නෙහිය. එක් සිනාවකට මුහුණේ මස්පිඩු සිය ගණනක් සැහැල්ලු බවට පත්කළ හැක්කේය. ඔබේ ස්නායු පද්ධතිය සංහිඳියාවට පත්කළ හැක්කේය. එම සිනාව ඔබ ඔබේ ස්වාමියා බවට පත්කරවන්නේය. බුදුන් වහන්සේලා සහ බෝසතුන් වහන්සේලා නිරන්තර සිනාවකින් මුව සරසා ගෙන සිටින්නේ එම නිසාය.