Your cart is empty now.
'...තවමත් මෙරට ශාස්ත්රාලයීය අධ්යාපනය තුළ ඉහළම අදියරේදී වුවත් සාහිත්ය කෘතියක් කියවන්නේ චරිත නිරූපනය, සන්දර්භය වැනි අංග මතුපිටින් හඳුනා ගැනීමෙන් පමණි. එහෙත් සමන් ඉන් ඔබ්බට ගමන් කරමින් රෝලන්ඩ් බාත්, ෆූකෝ වැනි නූතනවාදයෙන් ඔබ්බට ගමන් කළ විචාරකයින් සහ ෆ්රොයිඩ්, කාල් යුං වැනි මනෝ විද්යාඥයන්ගේ න්යායයන් උපයෝගී කොට ගැනීම අගය කළ යුතු තත්වයකි. ගනනාථ ඔබේසේකර වැනි විශිෂ්ට පර්යේෂකයන්ගේ ලියවිලි වලින් මෙහිදී සමන් ආලෝකයක් ලබාගන්නා බව පෙනේ.
...ප්රාග් ඓතිහාසික ගවේෂණ පිළිබඳ දැරණියගලගේ මතය වෙත යාම, වන්නි ප්රදේශයේ නවගත්තේගම අනුභූතික දත්ත ලබා ගැනීමට ප්රාදේශීය ලේකම් චන්ද්ර සිරි බංඩාර සමග එක්ව කටයුතු කිරීම තම න්යායාත්මක දේ ක්ෂේත්රයේ දකින්නට උත්සාහ කළ පර්යේෂකයකුගේ ගුණාත්මක බව කියාපායි...'
චින්තක රණසිංහ, සිංහල අංශය - කැළණිය විශ්ව විද්යාලය