Your cart is empty now.
සෝවියට් නූතනත්ව ව්යාපෘතියේ මානවීය. සහ ජීවවාසික පිරිවැයට ගැඹුරු ආචාර ධර්මීය ප්රතිචාරයක් ලෙස මතු වූ සෝවියට් සිනමාවේ ඉතා සුවිශේෂ ප්රවාහයක් මෙම කෘතියේ ගවේෂණයට ලක්වෙයි. 'හිම දියවීමේ' (Thaw) යුගයෙන් ඇරැඹී සෝවියට් සංගමය බිඳ වැටෙන මොහොත දක්වා දිවෙන මේ උත්කෘෂ්ට චිත්රපට ධාරාව 'ප්රති-සිනමාවක්' ලෙස හඳුනා ගන්නා මෙම කෘතිය, සෝවියට් රාමුවට ඔබ්බෙන් යන පොදු නූතනත්ව ආඛ්යානයට පවා අයත් මූලික සංකල්ප - ප්රගතිය, ඓතිහාසික නිශ්චිත භාවය, තාක්ෂණික උන්නතිකාමය, අසීමිත භෞතික වර්ධනය - එය විසින් නිහඬව ප්රශ්න කළ ආකාරය පෙන්වා දෙයි. එනයින් තමා සමග, අනෙකා සමග සහ සොබා දහම සමග වූ මානව වර්ගයාගේ ත්රිත්ව සබඳතා පද්ධතිය කෙරෙහි තීව්ර අවධානයක් පෙන්වන ධාරාවක් ප්රථම වරට ජාත්යන්තර සිනමාවේ මතුවූ අන්දමත් මෙහිදී ඉස්මතු කෙරේ.