Your cart is empty now.
තීරුලිපියක් යනු, පුවත්පත් ලිවීම් අතර අපූර්වතම ලියැවිල්ලකි. මේ ලියන්නා පුවත්පතට පිටතින් පිට ලියන්නෙකු වුවත් ඇතුළේ සේවයේ යෙදෙන්නෙකු වුවත් පුවත්පතක සෙසු ලියන්නන්ට වඩා ඔහුට නිදහසක් ලැබෙයි. එහෙන් මේ නිදහස අර්ථවත් ලෙස භුක්ති විඳින්නට තිරුකරුවාට ලැබෙන්නේ ඔහුගේ භාෂාවේ සහ ඥාන මණ්ඩලයේ ධාරිතාව අනුවය. එහෙයින් ඔහු නිරන්තරව තම වටපිටාව කෙරෙහි අවධානයෙන් සිටිනවාට අමතරව, වටපිටාවේ සිටින්නන්ගේ හොඳ නරක සහ ඕනෑ එපාකම් පිළිබඳව ද අවදි සිහියෙන් සිටිය යුතුය.
විප්රවාසි බව තිරුකරුවෙකුට අමතර වාසියකි. බැඳීම් සහ ඇලීම් යනු ලියන අතකට සහ පිතකට වැටෙන අමතර විලංගුය. විලංගුවෙන් මීදෙන්නට විප්රවාසි වෙමු.