Your cart is empty now.
ලාංකේය පහළ මධ්‍යම පාන්තික ජීවිතවල ඛේදනීය යථාර්ථයක් හෙළි කරන ‘වණ්ණදාසි’,
ලිංගික ශ්‍රමිකත්වය ජීවිකාව කොට ගත් ගැහැනියක සහ ඇගේ දියණිය වටා ගෙතෙන අනුවේදනීය නවකතාවකි. අමා රණ්බන්ඩාර නම් ප්‍රකට විලාසිතා නිර්මාණ ශිල්පිනියගේත් ඇගේ මව වන නීලමනීගේත් ජීවන අරගලය ඔස්සේ දිග හැරෙන්නේ දශක කිහිපයක් තිස්සේ ජරාජීර්ණ වෙමින් තිබෙන සමාජයක නිරුවතයි. රාජ්‍ය බලය, ධනපති පන්තිය සහ ජනමාධ්‍ය මතින් ගොඩනැගෙන බල සම්බන්ධය පීඩිත ස්ත්‍රී ජීවිත සූරාකෑමට ලක් කරන ආකාරය නිරූපණය කරන මෙම ප්‍රබන්ධය සාධාරණ සමාජයක් සඳහා
අරගල කිරීමේ අපේක්ෂාව දල්වයි.