Rs 600.00
3 installments of Rs 200.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Seri
Type: Other
Availability: 5 left in stock

ලොව රස අතර විශිෂ්ටතම රසය ධර්ම රසය බව බුදුරජාණන් වහන්සේ වරක් දෙවියන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් වදාළහ. ධර්මය ඔස්සේ ලෞකික ජීවිතයේ මෙන් ම ලෝකෝත්තර ජීවිතයේ ද පරම නිෂ්ඨාව වූ විමුක්තිය හෙවත් දුකෙහි සංසිඳීම් කරා මෙන් ම ප්රඥාවේ උපර්මය කරා ද...

  • Name : Zen Bududahama Saha Manowishleshanaya - සෙන් බුදුදහම සහ මනෝවිශ්ලේෂණය
  • Vendor : Seri
  • Type : Other
  • Manufacturing : 2026 / 05 / 20
Categories:

Guaranteed safe checkout

Zen Bududahama Saha Manowishleshanaya - සෙන් බුදුදහම සහ මනෝවිශ්ලේෂණය
- +

ලොව රස අතර විශිෂ්ටතම රසය ධර්ම රසය බව බුදුරජාණන් වහන්සේ වරක් දෙවියන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් වදාළහ. ධර්මය ඔස්සේ ලෞකික ජීවිතයේ මෙන් ම ලෝකෝත්තර ජීවිතයේ ද පරම නිෂ්ඨාව වූ විමුක්තිය හෙවත් දුකෙහි සංසිඳීම් කරා මෙන් ම ප්රඥාවේ උපර්මය කරා ද ගමන් කළ හැකිය. එය වනාහි අවබෝධයේ පරතෙර වේ. එහි ලා ධර්ම ග්රන්ථ මගින් ලැබෙනුයේ අනුපමේය වූ සේවයකි.

සෙන් බුදු දහම මූලික කොටගෙන මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන් විසින් පර්වර්තිත 'සෙන් බුදු දහම හා මනෝ විශ්ලේෂණය ' කෘතිය ඉහත කී සියලු අංශයන්ට අදාළ වන්නා වු පරිවර්තනයකි. අවශ්ය විටදී සරලව මෙන් ම දාර්ශනිකව ද පරිවර්තන කාර්යයෙහි නියැලෙන පඤ්ඤාවංස හිමියන් තම භාෂා හැකියාව මොනවට ප්රදර්ශනය කර ඇත්තේ නවීන දර්ශනවාදයන් පිළිබඳ අවබෝධය ද උපයෝගී කර ගනිමිනි.

'Zen Budhism and Psychoanalysis' නම් කෘතියේ පර්වර්තනය වශයෙන් ඉංග්රීසි හා ප්රංස භාෂා වලින් සිංහලට නගන ලද ' සෙන් බුදු දහම හා මනෝ විශ්ලේෂණය නම් වූ මෙම කෘතියෙහි පරිවර්තක පූජ්ය මණ්ඩාවල පඤ්ඤාවංස හිමි පෙර අපර දෙදිග ලෝකයෙහි විශේෂ ගෞරවාදරයට පත් වූ උගත්, ධර්මධර, විනයධර හිමිනමකි. උන්වහන්සේ කලක් කැලණිය සරසවියේ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් ප්රංස බස ඉගැන්වූහ. ප්රංසය තුළ දීර්ඝ කාලයක් වැඩ වාසය කරමින් තම අධ්යාපන කටයුතු සහ ධර්ම ප්රචාරක කටයුතු වල නිරත වූ උන්වහන්සේ අපරදිග ලෝකයෙහි බුදු දහම ප්රචාරය කිරීමෙහි ලා විශිෂ්ට සේවාවක නිරත වෙති. බෞද්ධ දාර්ශනිකයකු, භාවනා ගුරුවරයකු, ප්රසිද්ධ ගත් කතුවරයකු වන උන්වහන්සේ සිංහල, පාලි ආදී පෙරදිග භාෂාවන්ට අමතරව ප්රංස, ඉංග්රීසි භාෂාත් මනාව හසුරුවන්නා වූ විශිෂ්ට බුද්ධිමතෙකි.

උන්වහන්සේ විසින් රචිත, පරිවර්තිත සිංහල, ඉංග්රීසි කෘති බෞද්ධ දර්ශනය, සංස්කෘතිය හදාරන්නා වූ දෙස් විදෙස් සිසුන්ට නොමැතිවම බැරි අත් පොත් බවට පත් ව ඇත. තිව් ඥාතාන්' හිමියනගේ " ශූන්යතාවාදය ද නොහොත් සාපේක්ෂතාවාදය ද" * සමාධිය තුළ නෙත් විවර කිරීම * වැනි කෘති ප්රංස භාෂාවෙන් සිංහල භාෂාවට පෙරළීම මෙන් ම 'විරාගය', 'අමාවැස්ස' වැනි නවකතා සිංහලෙන් ප්රංස බසට පරිවර්තනය කිරීම ද හේතුවෙන් උන්වහන්සේ සතු භාෂාමය හැකියාව තව තවත් ඉස්මතු වී පෙනෙයි.

අපරදිග රට වලට අමතරව මැලේසියාව, තායිලන්තය ආදී ආසියාතික රටවල බැතිමත් පිරිස් උන්වහන්සේගේ ධර්ම දේශනා සහ භාවනා ක්රම ඉගෙනීමෙහි ලා විශේෂ ලැදියාවක් දක්වති.

පූජ්ය මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන්ගේ ධර්මදූත සේවය මැනවින් කරගෙන යාමට අවශ්ය ත්රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවායි ප්රාර්ථනා කරමි.

පුජ්ය බූටාවත්තේ සරණංකර නාහිමි

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid